වින්දා ඇති දුක් ඉවතලනු මිස
හදවතට අගුලක් තියා...
අනාගතයට නුවණ පාමින්
දෙපය ඈ පසුපස ගියා...
ලබාගන්නට නොහැකි සැමදේ
දෙස බලා සිත දුක් කියා...
අවසානෙ සිත කැමති වූවා
ඇරඹුමට කඳුලක් තියා...
කුමරු පෙම් බැඳි කුමරිය කෙරේ
හද කොනක සිහිලස තියා...
දොලොස් වසකින් වැඩිමහලු කලු
"බොසී" වෙත කුමරුන් ගියා...
දිනෙක රතු එළි දමා කාමර
දොර වසා කුමරුන් සහා...
කුමරු සනහයි බොසීගේ මුළු
"සෙක්ස් ඇරියස්" පෙම නහා...
ප්‍රමෝෂන් දෙස් විදෙස් ගමනින්
කුමරු ලද සැලකුම දරා...
කුමරු සෙල්ලම් කරති නිතියෙන්
බොසීගේ දෙතනේ වහා...
නෙලාගන්නට නොහැකි සැමදේ
ලැබුණු ඔහු පෙර පින දරා...
කුමරි හා තෙම දුරු රටක ගිය
බොසී තිසරුන් නොසනහා...
No comments:
Post a Comment