Sunday, March 30, 2014

අග බිසවුනි!



ඉපිලෙන්න දේවිය සිනහවෙන්
ළැම තුඩුද උස් පහත් කරවන්
නෙත් පුරා සුපහසම අයදින්
රමණයට පෙර මහද සනහන්

රජු ඇවිත් දොරගුළු හරියිදෝ
චර පුරුෂයින් බැලුම්ලයිදෝ
සැකයකින් හද තිගැස්සෙයිදෝ
උස් පහත් රිද්මය බිඳෙයිදෝ

ආභරණ මුදවන්න දේවිය
ලෝහ සෙලවෙන හඬ අමීරිය
සමට සම ඇතිලෙන සිළිලාර
පමණ රතියට බෝ සුමීරිය

මා සමග පැන නොඑන් කුමරිය
රජ සැපත හැර සැපක් කොයිබද
යළිඳු මහරජ වැඩියොතින් පිට
කවුළුවෙන් අත වනන් සොඳුරිය

No comments:

Post a Comment