Thursday, June 2, 2011

කැඩූ සිල්පදය

 
පිරිමැදි තැන
නොදැකම
කියන්නේ කෝමද
මම කැඩූ සිල්පදය
එය වග..?

ප්‍රේමයට ඉහලින් වූ
රමණයට
එකතු කල අගයට
පහලින් වූ අප දෙපල
ස්පර්ශ සංවේදීව
කියන්නේ කෝමද
උන් කැඩූ සිල්පදය
එය වග..?

නැගෙන දාහය
පිටි අතින් පිසදා
ළැමට තුරුළුව
කියා පෙම් කවි
රස බලා නෙක
ලෝක සැපකම්
කියනු කෙලෙසද
අප කැඩූ සිල්පදය
එය වග..?

4 comments:

  1. මචන් මෙකෙන් උඹ අහන දෙ කිදෙනෙක් තෙරුම් ගනිවිද දන්නෙ නැහැ. මෙ සමාජයෙ මිනිස්සුන්ගෙ ලිංගික ජිවිතය ආශ්‍රිත හැසිරිම් හා අනෙකුත් දෙවල් හැම දෙයක්ම විකෘති කරලා මොකද්දො වචන ටිකකින් හිර කරලා තියන්නෙ. තිරිසන්නු උඩ ඇවිද ඇවිද බොධිසත්ව රුප මවාගෙන මුළු සමාජ සංස්ථාවම ලෙඩ කරලා තියන්නෙ. බුදුහාමුදුරුවො පනවපු තුන්වැනි සිල් පදය නෙමෙ මට තෙරෙන විදියට මෙ මිනිස්සු අද රකින්නෙ.

    ReplyDelete
  2. පබ්බතගේ කාව්‍ය රචනාව හා රවාගේ ගද්‍ය රචනාව....

    ReplyDelete
  3. අභිතගෙ කුජිත කම දැන් සිත තුල ආර ආර එනවා.... :D:D:D

    ReplyDelete
  4. වෙලාවට මට 19 උනේ :D

    ReplyDelete