Monday, June 13, 2011

ශෘංගාර කලාපය

12

තැනුව මුත් ස්පර්ශ කරනට
ලැමට යට ඇති හදවත
අතට දැනි ඒ මෘදු සුවය යනු
හිත කියා නුඹ හිතුවද

ප්‍රේමයෙන් ඔද්දල් සිතුම් පොදි
හරවන්න කහවණු ලෙසින්
පමා වැඩියැයි නොසිතුවෙද නුඹ
මිලට විකිණෙන්නට කලින්

ගතට ඔබ්බෙන් සිටින කුමරුන්
දඟ කලත් නුඹ ලැම පෙලින්
ප්‍රහර්ශය කිම දියව නොගියේ
සොඳුරි නුඹ කලවා මැදින්

කඩ පිලක යට, සයනයක නෙක
රැය ගෙවා දමමින් යහා
ගත්ත කහවණු ඇතිද නුඹ හට
මතක්කරනට කම් රහා

1 comment:

  1. ප්‍රහර්ෂය නොදැනීම නික්මී
    කහවනුවෙ රුදු දාර මත්තේ
    අදින් පසුවට උදාවන හෙට
    අපේ කුස ගිණි නිවනු ඇත්තේ

    පසු ලිවීම -

    කමෙන්ට් දමන්නට ගිය වෙද
    මල .......ක් මතුව එයි පුරවන්ට
    ඉවත් කලහොත් රෙද්ද
    ආයෙත් හිතෙයි මෙහි එන්ට!

    ReplyDelete