Showing posts with label රාත්‍රිය. Show all posts
Showing posts with label රාත්‍රිය. Show all posts

Tuesday, January 24, 2012

මංගල රැය

2 ක් කෙඳිරිළි

නැවතුම් නැති මගේ ආදරය
වේග ජනනී නුඹ මා සතුය
ලැම තුර ගෙවූ ඒ පෙම් දිවිය
මතක සුවයි සැපයෙන් වැඩිය

ශිල්ප සතර දෙන ගුරු තරුව
නිවසේ ලිය කරුණා දැරිව
සයනය මත මා හා කෙලුව
යුවති නුඹද මගේ ගත මැරුව

චුම්බනයෙන් හදවත තැවුව
කිතිකවමින් රසඟුන් තෙමුව
හංස යුවළ පියඹා නැටුව
රැය මතකයි අපි පෙම් කෙලුව

නාරි ලතා මල් පුබුදන සිතුවිලි
නුඹ පාමුල මම් ගැයු පෙම් නැලවිළි
ආදර වධ මැද ගැලු ඒ කඳුළැලි
මතකයි සියොළන්ග වෙවුලා ගැලු හැටි

සැපයෙන් සැපයට මත් වූ කෙඳිරිළි
ආදරයෙන් තැවරූ චුම්බන ගුලි
අප මංගල දිනයේ පෙම් සැමරිලි
මතකයි දිවි ඇති තුර රූ ගැලපිළි

Monday, June 13, 2011

ශෘංගාර කලාපය

1 ක් කෙඳිරිළි
12

තැනුව මුත් ස්පර්ශ කරනට
ලැමට යට ඇති හදවත
අතට දැනි ඒ මෘදු සුවය යනු
හිත කියා නුඹ හිතුවද

ප්‍රේමයෙන් ඔද්දල් සිතුම් පොදි
හරවන්න කහවණු ලෙසින්
පමා වැඩියැයි නොසිතුවෙද නුඹ
මිලට විකිණෙන්නට කලින්

ගතට ඔබ්බෙන් සිටින කුමරුන්
දඟ කලත් නුඹ ලැම පෙලින්
ප්‍රහර්ශය කිම දියව නොගියේ
සොඳුරි නුඹ කලවා මැදින්

කඩ පිලක යට, සයනයක නෙක
රැය ගෙවා දමමින් යහා
ගත්ත කහවණු ඇතිද නුඹ හට
මතක්කරනට කම් රහා

Monday, June 6, 2011

මංගල රාත්‍රිය.....

0 ක් කෙඳිරිළි
නුඹේ සුවඳ රස සුව ගෙනදේයා.
පහස දැනු කල හද පිබිදේයා
හද පිබිදුන කල ලැම සෙලවේයා
ලැම පිබිදුන කල නුඹ පිබිදේයා..

වෙසක් මසේ පිණි පොද වැටෙනා රෑ
සේලේ සැලිලා පියා සලන රෑ
තිසරු දමින් උන් මුදාහැරුන රෑ
නොලැබු සුවේ මා නුඹෙන් අයැදි රෑ

රහසේ සිතු දේ රහසින් පැතු දේ
නොසිතින් මෙතෙක් කලක් මා රැකි දේ
අබිමන් ලැබු මගේ පරපුර සතු දේ
නුඹ හට බාරයි මාගේ සැම දේ.

සේයාරූ තිරපට වල ලෙසිනී.
සිහිනෙන් සැමදා මා හිරි බිඳිනී
පලමු වරට සම සුවයෙන් රැඳිනී
ලෝහිත පැහැයෙන් රැයක් සුවදුනී