Tuesday, January 24, 2012

මංගල රැය


නැවතුම් නැති මගේ ආදරය
වේග ජනනී නුඹ මා සතුය
ලැම තුර ගෙවූ ඒ පෙම් දිවිය
මතක සුවයි සැපයෙන් වැඩිය

ශිල්ප සතර දෙන ගුරු තරුව
නිවසේ ලිය කරුණා දැරිව
සයනය මත මා හා කෙලුව
යුවති නුඹද මගේ ගත මැරුව

චුම්බනයෙන් හදවත තැවුව
කිතිකවමින් රසඟුන් තෙමුව
හංස යුවළ පියඹා නැටුව
රැය මතකයි අපි පෙම් කෙලුව

නාරි ලතා මල් පුබුදන සිතුවිලි
නුඹ පාමුල මම් ගැයු පෙම් නැලවිළි
ආදර වධ මැද ගැලු ඒ කඳුළැලි
මතකයි සියොළන්ග වෙවුලා ගැලු හැටි

සැපයෙන් සැපයට මත් වූ කෙඳිරිළි
ආදරයෙන් තැවරූ චුම්බන ගුලි
අප මංගල දිනයේ පෙම් සැමරිලි
මතකයි දිවි ඇති තුර රූ ගැලපිළි

2 comments:

  1. නොමියෙන මතකෙක නිරුවත දුටුවෙමි.... !!!

    ReplyDelete
  2. නියමයි....මමත් ලිව්වා මේ මොඩල් එකේම එකක්

    බඹසර (අතිශයින්ම Adults Only)

    ReplyDelete