Sunday, January 15, 2012

ශෘංගාර කලාපයේ නුඹ


ප්‍රේමයෙන් ඔද්දල් ව
ආදරේ හිදැස් අතුරින්
ගලනා නෙතට නුහුරු
කඳුලු බිඳුව
නුඹ.

ආදරයේ යශෝරාවය වූ
නුඹේ ළලසා කෙඳුරුම
මගේ හිත මත සිතුවිලි හා
මෛථුනයේ යෙදෙනා කල
හිතෙන් රූරා වැටෙනා
ප්‍රේමයේ නුහුරු බිඳුව
නුඹ.

සයනයේ විසිර වූ
කෙහෙරැළි අතර
සැරූ මා අත
අවසන නතර වූ
නුඹ පියුර කෙළවර
හාදුවෙන් මුසපත් කෙරූ
ඒ රාගය කොඳුරා
මට කිවූ රහස
නුඹ.

2 comments:

  1. මම හිතුව මුලින් පටන් ගෙන ඇන හිටින බ්ලොග් වගේ වෙයි කියල මේකත්,,,හොද වෙලාවට එහෙම නැ වගේ..
    හැමදාම වගේ අපූරුයි...

    ReplyDelete
  2. පැන්ඩා... උඹට සනීප නෑ නේද? කාමරේට වෙලා මේවද බලන්නේ? :-)

    ReplyDelete