Showing posts with label තෙවැනි සීලය. Show all posts
Showing posts with label තෙවැනි සීලය. Show all posts

Sunday, January 15, 2012

ශෘංගාර කලාපයේ නුඹ

2 ක් කෙඳිරිළි

ප්‍රේමයෙන් ඔද්දල් ව
ආදරේ හිදැස් අතුරින්
ගලනා නෙතට නුහුරු
කඳුලු බිඳුව
නුඹ.

ආදරයේ යශෝරාවය වූ
නුඹේ ළලසා කෙඳුරුම
මගේ හිත මත සිතුවිලි හා
මෛථුනයේ යෙදෙනා කල
හිතෙන් රූරා වැටෙනා
ප්‍රේමයේ නුහුරු බිඳුව
නුඹ.

සයනයේ විසිර වූ
කෙහෙරැළි අතර
සැරූ මා අත
අවසන නතර වූ
නුඹ පියුර කෙළවර
හාදුවෙන් මුසපත් කෙරූ
ඒ රාගය කොඳුරා
මට කිවූ රහස
නුඹ.

Monday, June 13, 2011

ශෘංගාර කලාපය

1 ක් කෙඳිරිළි
12

තැනුව මුත් ස්පර්ශ කරනට
ලැමට යට ඇති හදවත
අතට දැනි ඒ මෘදු සුවය යනු
හිත කියා නුඹ හිතුවද

ප්‍රේමයෙන් ඔද්දල් සිතුම් පොදි
හරවන්න කහවණු ලෙසින්
පමා වැඩියැයි නොසිතුවෙද නුඹ
මිලට විකිණෙන්නට කලින්

ගතට ඔබ්බෙන් සිටින කුමරුන්
දඟ කලත් නුඹ ලැම පෙලින්
ප්‍රහර්ශය කිම දියව නොගියේ
සොඳුරි නුඹ කලවා මැදින්

කඩ පිලක යට, සයනයක නෙක
රැය ගෙවා දමමින් යහා
ගත්ත කහවණු ඇතිද නුඹ හට
මතක්කරනට කම් රහා

Monday, June 6, 2011

මංගල රාත්‍රිය.....

0 ක් කෙඳිරිළි
නුඹේ සුවඳ රස සුව ගෙනදේයා.
පහස දැනු කල හද පිබිදේයා
හද පිබිදුන කල ලැම සෙලවේයා
ලැම පිබිදුන කල නුඹ පිබිදේයා..

වෙසක් මසේ පිණි පොද වැටෙනා රෑ
සේලේ සැලිලා පියා සලන රෑ
තිසරු දමින් උන් මුදාහැරුන රෑ
නොලැබු සුවේ මා නුඹෙන් අයැදි රෑ

රහසේ සිතු දේ රහසින් පැතු දේ
නොසිතින් මෙතෙක් කලක් මා රැකි දේ
අබිමන් ලැබු මගේ පරපුර සතු දේ
නුඹ හට බාරයි මාගේ සැම දේ.

සේයාරූ තිරපට වල ලෙසිනී.
සිහිනෙන් සැමදා මා හිරි බිඳිනී
පලමු වරට සම සුවයෙන් රැඳිනී
ලෝහිත පැහැයෙන් රැයක් සුවදුනී

Thursday, June 2, 2011

කැඩූ සිල්පදය

4 ක් කෙඳිරිළි
 
පිරිමැදි තැන
නොදැකම
කියන්නේ කෝමද
මම කැඩූ සිල්පදය
එය වග..?

ප්‍රේමයට ඉහලින් වූ
රමණයට
එකතු කල අගයට
පහලින් වූ අප දෙපල
ස්පර්ශ සංවේදීව
කියන්නේ කෝමද
උන් කැඩූ සිල්පදය
එය වග..?

නැගෙන දාහය
පිටි අතින් පිසදා
ළැමට තුරුළුව
කියා පෙම් කවි
රස බලා නෙක
ලෝක සැපකම්
කියනු කෙලෙසද
අප කැඩූ සිල්පදය
එය වග..?